logo
logo
Himiwanathak

Himiwanathak

Music: Sanjula Himala

Lyrics: Ushani Wijewantha

Released: 2023

Genre: Pop

Lyrics

හිමිවනතාක් දිගු දෑස් ආශා ගේනා මායාවී පියමැන්නේ අරුණැල්ලේ ඇයිද පමාවී සේයාවී දැවටී ගතේ සීතේ සුළගේ පාවී එන හසරැලි ඔබමයි සෙව්වේ ප්‍රියේ මගේ මේ හිත ඉල්ලනා සිහිනය ඔබ තමා ඔබ මගෙ සඳ වෙලා මා ලොව එළි කලා සිත තුල ඇති වෙනා හැඟුමන් පිබිදුනා ඔබ මට හිමිවෙනා දවසත් එලබුනා ඔබදෝ ආලේ පානා දෑසේ මාගෙ පැතුම් ගෙනාවේ ලියපු නැති ගීතේ තාලේ වේදෝ ගැහෙනා පපුවේ රිද්මේ සිහිනෙක පාට ගෑව දේදුනු වැස්සේ ආදරේක දිලිසෙන පින්න ඔයා සිහින පුරා මේ හිත ඉල්ලනා සිහිනය ඔබ තමා ඔබ මගෙ සඳ වෙලා මා ලොව එළි කලා සිත තුල ඇති වෙනා හැඟුමන් පිබිදුනා ඔබ මට හිමිවෙනා දවසත් එලබුනා